
පාස්කු ඉරිදා එල්ල කෙරුණු මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ නඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අද මෙරට අධිකරණ ඇමති ධුරය හොබ වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා හෙළි කර සිටියි.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා, අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතාගේ මේ හෙළිදරව්ව කර සිටියේ, රත්නපුර දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවකදීය.
එදා මඩකලපුවට ගොස් සහරාන් හෂීම්ගේ නඩුව වෙනුවෙන් පෙනී සිටී නීතිඥයා වන්නේ, වත්මන් අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා බව පෙන්වා දුන් විමල් වීරංශ මහතා රටේ ආරක්ෂාව වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක් කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ වැනි බුද්ධි අංශ ප්‍රධානීන් සිර ගත කර පීඩාවට පත් කරමින්, සහරාන් හෂීම් වැනි ත්‍රස්තයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්ට ඇමතිකම් ලබා දීම හාස්‍යයට කරුණක් බව ද අවධාරණය කළේය.
ආණ්ඩුව එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාව සතුටු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ සහ ආරක්ෂක හමුදාවන් බෙල හීන කරමින් සිටින බවට චෝදනා කළ විමල් වීරවංශ මහතා රණවිරු යන වචනය පවා භාවිත කිරීමට මැලි වන ආණ්ඩුව ජය මංගල ගාථා සහ සිංහල අවුරුදු චාරිත්‍ර වැනි ජාතික උරුමයන් පවා නොසලකා හරිමින් සිටින බවට ද චෝදනා කළේය.
එමෙන්ම ආර්ථිකය හැසිරවීමේදී රජය අසාර්ථක වී ඇති බව ද, හොරු ඇල්ලීමේ සටන් පාඨවලින් බලයට පැමිණි ආණ්ඩුව අද මහා දවල් මහා පරිමාණ දූෂණවල නිරත වන බව ද, විශේෂයෙන් බාල ගල් අඟුරු ගෙන්වීම, බාල ඖෂධ ආනයනය සහ සහල් මිල පාලනය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ජනතාව දැඩි පීඩනයකට පත්ව ඇති බව ද,ත්, මේ සිය්යල්ලෙහි වන්දිය විදුලි බිල සහ බදු හරහා සාමාන්‍ය ජනතාවට ගෙවීමට සිදුව ඇතැයි ඔහු කියා සිටියේය.
රට වැටී ඇති මෙම අගාධයෙන් ගොඩගැනීමට නම් ප්‍රතිපත්ති පාවා නොදෙන, රටේ සංස්කෘතික සහ ජාතික උරුමය හඳුනන නව නායකත්වයක් අවශ්‍ය බව ද ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරංශ මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.

Lanka Newsweek © 2026